සෞදි කාන්තාවන්ට නිදහස

Monday 5 August 2019 | 78 Views

සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා සහ තහංචි රැසක් රැසක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාජකීය නියෝගයක් නිකුත් කරමින් පසුගියදා මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව රටින් පිට සංචාරයේ යාමට අහිමිව තිබූ අවස්ථාව එරට කාන්තාවන්ට හිමි වනවා. එසේම ළදරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ අයිතිය ද කාන්තාවන්ට මෙමගින් ලබා දී ඇති අතර එරට ඉහළ පෙළේ කාන්තාවන් කිහිප දෙනෙකු සෞදි අරාබියෙන් පළා යාමට උත්සාහ දැරීමේ සිදුවීම් මාලාවකට පසුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

සෞදි කාන්තාවන් දෙවන මට්ටමේ පුරවැසියන් බවට පත්ව සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන වාතාවරණයක් තුළ, දිගු කාලයක සිට සෞදි අරාබිය කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබිණා.

කෙසේ වෙතත් ගතානුගතික සෞදි රාජධානිය වඩා විවෘත තත්ත්වයකට පත් කිරීමේ අරමුණින්, පසුගිය වසරේදී කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කිරීම ඇතුළු කාන්තාවන්ට ඇති සමාජ සීමා ලිහිල් කිරීමට සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් උත්සාහයක යෙදී සිටිනවා.

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments