Credit / Debit කාඩ් වලින් සල්ලි සොරකම් කරන්නෙ කොහොමද?

Thursday 7 February 2019 | 193 Views

පහුගිය දවස් වල ඔයාත් දකින්න ඇති නිවුස් වල වගේම සමාජ මාධ්‍යය වලත් ශෙයා වෙන අමුතු ප්‍රවෘත්තියක්. ඒ තමයි ඒටීඑම් යන්ත්‍ර මඟින් මුදල් සොරකම් කිරීම ගැන. ඉතින් මේක සිද්ධ වෙන විදිහ ගැන ලිපියක් තමයි මේ. පරිස්සම් වෙන්න.. මේක කියවලා හැමෝටම බලන්න ශෙයා කරන්න.

මේක කරන්නෙ ATM යන්ත්‍ර වල කාඩ්පත ඇතුලත් කිරීමට යොදාගන්නා විවරයට Card Skimming සදහා භාවිතා කරන උපකරණයක් සූක්ෂමව සවිකිරීමෙන්. මේ Card Skimming Device එක ATM යන්ත්‍රයට සවි කිරීමෙන් පස්සේ ඒ හරහා Card එකක් ඇතුලු කළොත් කිසිම වෙනසක් නැතුව අපට ATM යන්ත්‍රය හරහා මුදල් ලබාගැනීමට හැකියාව තියනවා..

නමුත්, අපේ credit / debit card එකේ Magnetic Strip එක තුල තැන්පත් කරලා තියන card number එක, expiry date එක, CVV type එක වගේ සංවේදී දත්ත සියල්ලම Skimming Device එක තුල හොරෙන්ම තැන්පත් කරගන්නවා..

නමුත් අපේ ගිණුමකින් මුදල් ලබාගැනීමට නම් මේ විස්තර විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.. ඒ සදහා අපේ බැංකු ගිණුමෙහි රහස්‍ය කේතයත් අවශ්‍ය වෙනවා..එයට විසදුමක් ලෙස මුදල් ලබා ගැනීමේදී අප විසින් ATM යන්ත්‍රයෙහි type කරන රහස්‍ය කේතය ලබා ගැනීම සදහා කුඩා ප්‍රමාණයේ රහස්‍ය කැමරා (Spy Cam) යන්ත්‍ර සොරුන් විසින් භාවිතා කරනවා..

මේවා බොහෝ විට ATM යන්ත්‍රය ආශ්‍රිතව හෝ යන්ත්‍රය මතුපිට, සාමාන්‍ය කෙනෙක්ට හදුනාගැනීමට අපහසු වෙන විදියට තමයි සවිකරලා තියෙන්නේ..
ඊටපස්සෙ වෙන දේ ඉතින් කියන්න දෙයක් නෑනේ..

ඒයාලා අපේ කාඩ් එකේ විස්තරවලට සමානවම තවත් කාඩ්පතක් හදාගෙන, අපේ Magnetic Strip එකේ තිබුනු දත්ත ටිකත් ඒ විදියටම එයාලගේ කාඩ්පතේ තැන්පත් කරගෙන, අපේ PIN එක භාවිතා කරලා ATM එකෙන් මුදල් ලබාගන්නවා.. එහෙමත් නැත්නම් Online ගණුදෙනු මගින් මුදල් අයකරගන්නවා..

මේකෙන් බේරෙන්නේ කොහොමද?

*. පොදු ස්ථානවල ඇති ATM යන්ත්‍ර භාවිතා කරීම හැකි තරම් සීමා කරන්න.. ඒ වෙනුවට බැංකු තුල සවිකර ඇති යන්ත්‍ර භාවිතා කරන්න.. හැකි සෑම අවස්තාවකම ආරක්ශක නිලධාරීන් සිටින ATM යන්ත්‍ර භාවිතා කරන්න..

*. මෙම උපකරණ බොහෝ විට සවි කරන්නේ පාන්දර අවස්ථාවන්වලදී සහ මිනිසුන් අවම රාත්‍රී කාලා වලදී බැවින්, එවන් අවස්ථාවල මුදල් ගැනේමේදී සුපරික්ෂාකාරී වන්න.

*. යන්ත්‍රය ආශ්‍රිතව සවි කර ඇති අසාමන්‍ය දේවල් පිලිබද අවබෝධ කරගන්න. සුපරික්ෂාකාරී වීම සෑම අවස්තාවකම ඔබව ආරක්ශාකාරීව තබයි.

*. PIN අංකය ඇතුලු කිරීමේදී අතින් වසාගෙන අංක ඇතුලු කරන්න..

*. මුදල් ලබාගැනීමේදී ජංගම දුරකතනයට SMS Alert එකක් ලබාගැනීමේ පහසුකම ඔබේ බැංකුව හරහා activate කරගන්න..

*. අසාමන්‍ය දෙයක් හෝ ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති නම් බැංකු නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් වහාම දැනුවත් කරන්න.

*. ඔබේ හිතවතුන් ඇතුලු සියලුදෙනා මෙම උවදුර පිලිබද දැනුවත් කර තබන්න..

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments