දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට

Wednesday 30 January 2019 | 114 Views

මෙරට ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට නව සලකුණක් එක් කරමින් දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබෙනවා. ඒ, බි‍්‍රතාන්‍ය වෛද්‍ය සගරාව විසින්.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශල්‍ය වෛද්‍ය විශේෂඥ බවන්ත ගමගේ සඳහන් කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් සංදිස්ථානයක් බවයි.

ලංකාවේ පළමු වෛද්‍ය පාසැල ආරම්භවනුයේ 1870 වසරේදී වන අතර එවකට කොලඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ නිලලත් මන්ත්‍රී වරයෙකුද වූ දොස්තර ඩබ්. කින්සි මහතාගේ නිර්දේශය මත වෛද්‍ය විද්‍යාලයක් දක්වා උසස් කළ බව කාටත් නොරහසකි.

මෙලෙස ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යාල මගින් ප්‍ර‍දානය කරන ලද (එල්.එම්.එස් ) වෛද්‍ය උපාධිය 1887 වසරේදී බ්‍රිතාන්‍ය තුළ පිළිගන්නා ලදී. මේවන විට ලංකාවේ ශිෂ්‍යයන් සදහා වැඩිදුර ඉගෙනිමටත් උපාධිය සදහා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි විමටත් අවශ්‍යය ඉඩකඩ සලසා තිබුණි.

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments