අක්මාව, වකුගඩු, අක්ෂි කාච සහ තවත් බොහෝ දේ දන් දී ජීවිතයෙන් සමුගත් ජීවන්ති

Wednesday 30 January 2019 | 196 Views

සිරුරේ ඉන්ද්‍රියයන් ගණනාවක් දන් දී ජීවිතයෙන් සමුගත් තිළිණි ජීවන්ති..

හෝමාගම මුලික රෝහලේ වසර 72ක ඉතිහාසය තුළ අවම පහසුකම් යටතේ ඉතාමත් සාර්ථක මට්ටමෙන් පළමුවරට මෙවන් සැත්කමක් සිදුකිරීම ඉතා විශේෂිතයි…

ඒ අනුව ජීවන්තිගේ ශරීරයෙන් ලබා ගන්නා ලද අක්මාව රාගම ශික්ෂණ රෝහලේ එක් රෝගියෙකුට ද, වකුගඩු යුගළින් එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුටද අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුටත් ජනවාරි 30 වනදා උදෑසන බද්ධ කිරීම් සිදුකරනු ලැබිණි. ඒ වගේම අක්ෂි කාච ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයට ද පාද වල අස්ථි, දණහිස් අස්ථි පටක විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකයේ ද තැන්පත් කෙරිණි.

යමෙක් මෙලොව උපදින විට එක් අතක ජීවය ද අනෙක් අතෙහි මරණය ද දෝත දරාගෙන පැමිණේ. නමුත් ඒ මරණය කෙතරම් ගෞරවාන්විත ද යන්න උපතේ සිට අවසන් සුසුම හෙළන මොහොත දක්වාම එය කෙසේ ගත කරන්නේ ද යන්න මතම තීරණය වන්නකි. කුමන මොහොතක කෙසේ මරණය ඔබ කරා පැමිණේදැයි කල් තබා අනාවැකි පළ කිරීමට ඔබට මට අප කාහටත් නොහැකියි. ඒ නිසාම ජීවත් වන අවදියේ මෙන්ම මරණින් මතු වටද ලෝකයා ඉදිරියේ වචනයේ පරිසමාප්ත අරුතින්ම සැබෑ මිනිසකු වීමට අප උත්සාහ ගත යුතුය.

කරුණාවන්තකම, පරිත්‍යාගශීලීත්වය, අවංකම ආදී සැබෑ මිනිසත්කම් ජීවිතය තුළ වඩාත් වර්ධනය කර ගෙන ඔබගේ ජීවිතය වඩාත් අර්ථවත්ව ගත කළ හැකි වුවද එය සෑම අයෙකුටම කළ නොහැක්කක්. ජීවත්ව සිටින අවදියේ දී මිල මුදල්, කෑම බීම පමණක් නොව වකුගඩු, රුධිරය, වැනි ශාරිරීක අවයව පවා ඇතැම් අය දන්දෙන්නේ ඒ නිසාවෙන් විය යුතුය. තමන් මිය ගිය පසුව වුවද තම ශරීරය, ජීවිතය අයදින බොහෝ අය වෙනුවෙන් කැපකරන්නේ ද ඒ නිසා විය යුතුයි. කෙසේ වෙතත් ජීවත්ව සිටින අවදියේදී පමණක් නොව එවැනි ජීවිත මරණින් මතුවටත් සැමදා මතකයන් තුළ අමරණීය වන්නේ ඒ නිසා විය යුතුය.

එහෙත් මිනිසත්කමෙහි පමණක් මිල අඩු වූ යුගයක ජීවිත්වීම සිහිනයක් වූ බොහෝ පිරිසකට ජීවත්වීමට දෙවන අවස්ථාවක් හිමි කර දුන් ඒකතරා ෙඓතිහාසික සිදුවීමක් පසුගියදා වාර්තා විය. මෙම පරිත්‍යාය තරමක් සුවිශේෂී වුවක්. ඊට හේතුව මෙම පරිත්‍යාගය සිදු කළේ ශරීරය අඩක් මිය ගිය කාන්තාවක් නිසයි. වසර 72ක ඉතිහාසයක් හිමි හෝමාගම මුලික රෝහලේ ප්‍රථම වතාවට සිදු කළ මෙම අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දුන් ඇය නමින් තිළිණි ජීවන්ති අල්විස් නම් වුවාය. පාදුක්ක, කොටිගම්ගොඩ පදිංචි ඇය 24 හැවිරිදි වූ අතර පසුගිය ජනවාරි මස 27 වනදා රාත්‍රියේ තම සැමියා සමඟ දරුණු මාර්ග අනතුරකට ලක්විය. මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු තිළිණි සහ ඇගේ සැමියා වන සමීර ජයකොඩි හදිසි ප්‍රතිකාර සඳහා පාදුක්ක රජයේ රෝහලට ද ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලදී. එහිදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවන්තිගේ සැමියා මියගිය අතර බිරිඳ තිළිණි ජීවන්ති හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් 28 වනදා කොළඹ ජාතික රෝහලේ ශල්‍ය ඒකකය වෙත රැගෙන යනු ලැබීය.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ දී ඛ්.ඊ. ස්කෑන් පරීක්ෂණ ඇතුළු වෛද්‍ය පරීක්ෂණ ගණනාවකින් අනතුරුව ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ නිගමනය වුයේ, මොළයේ ඇති වී තිබෙන අභ්‍යන්තර රුධිර ගලනයක් නිසා ශල්‍ය කර්මයකින් හෝ නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි ලෙස මොළයට හානි සිදු වී ඇති බවයි. මෙම නිගමනය මත නැවතත් 28 වනදා උදෑසන ජීවන්තිව හෝමාගම මුලික රෝහලට ඇතුළත් කරන ලදී.

ඉන් අනතුරුව හෝමාගම රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුක පද්මරාජ ගේ පරීක්ෂාවට ඇය යොමු වන අතර මොළයට හානි සිදු වුවද ඇගේ අනෙකුත් ශරීර ඉන්ද්‍රියන් තවදුරටත් ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් සිදු කරන ලද පරීක්ෂණ, නිරීක්ෂණ මත තහවුරු කර ගන්නා ලදී. එසේ මොළය මියගිය සිරුරක් අවයව බද්ධ කිරීම සඳහා (ඉන්ද්‍රියය බද්ධ කිරීමේ අවශ්‍යතා ඇති වෙනත් රෝගීන් සඳහා) යෝග්‍ය බව තීරණය කරනු ලබන සාධක කිහිපයකි.

එම සාධක අතර රුධිර පීඩනය, රුධිරයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය, මුත්‍රා පිටවීම, රුධිරයේ අම්ලික බව ආදිය සාමාන්‍ය මට්ටමක තිබෙනවාද යන්න පිළිබඳ මුලිකව සැලකිලිමත් වනු ලැබේ. ඒ වන විටත් ඇගේ ස්වසනය නැවතී තිබු නමුත් ඉහත සඳහන් සාධක සාමාන්‍ය මට්ටමක පැවැති බැවින් ඇගේ ශරීර ඉන්ද්‍රියයන් බද්ධකිරීමට සුදුසු බව තීරණය කිරීමෙන් අනතුරුව ඇය දැඩිසත්කාර ඒකකයට (ඓCU) ඇතුළත් කරන ලදී. ඉන් අනතුරු අවයව බද්ධයට පෙර තහවුරු කරගත යුතු වැදගත්ම සාධකය වුයේ මොළයේ මිය යාම ස්ථිර කර ගැනීමයි. පසුව පැය 24 ක කාලයක් තුළ ශල්‍ය වෛද්‍යවරයෙක් ද ඇතුළු වෛද්‍යවරු තිදෙනෙක් විසින් ජීවන්තිගේ මොළය මියගිය බවට ස්ථිර කරන ගන්නා ලදී. (මොළය මියගිය බව ස්ථිර කරගැනීමට වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන සිද්ධාන්තයකි.)

ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුව අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා හෝමාගම මුලික රෝහල සමඟ සම්බන්ධ වන ලදී. මෙම ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් වල එකතුවෙන් අදාළ රෝගියාගේ අවයව සිරුරෙන් ඉවත් කිරීමට සුදුසු ලෙස ශරීර අභ්‍යන්තර සාධක පවත්වාගෙන යාම ද ඉතා භාරධුර කාර්යයක් විය.

මෙම ක්‍රියාදාමයෙන් අනතුරුව තිළිණි ගේ ශරීරයෙන් ලබාගන්නා ඉන්ද්‍රියයන් නැවත ලබා දිය යුතු රෝගීන් සහ එම අදාළ රෝහල වල ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීම ද වෛද්‍ය ධනුක පද්මරාජ විසින් සිදුකරන ලදී. මෙම සියලු වෛද්‍යමය කරුණු කාරණාවලට අමතරව වඩාත් වැදගත් ක්‍රියාදාමය වුයේ අදාළ රෝගියාගේ පවුලේ අයගෙන් ඊට අවසර ලබා ගැනීමයි. මෙහිදී රෝගියාගේ මොළය මිය ගොස් ඇති බවත් ස්වභාවික තත්ත්වයන් යටතේ නැවත ඇයට ජීවත් වීමට නොහැකි බවත් රෝගියාගේ භාරකරුවන්ට පැහැදිලි කර දෙන ලදී. ඇයගේ සැමියා ද ඒ වන විටත් මියගොස් සිටි බැවින් හා දරුවා තවමත් ඉතා කුඩා වයසක පසු වූ බැවින් තිළිණි ජීවන්තිගේ මිළඟ ආසන්නතම භාරකරත්වය හිමි තිළිණි ජිවන්තිගේ පියා වූ සුසිල් අල්විස් මහතා මීට අවසරය ලබා දුනි.

මෙම සියලු කාර්යභාර්යන් අතරතුර හෝමාගම සහ කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධිකාරක වෛද්‍යවරුන්ට අදාළ රෝගියාගේ ශරීරයෙන් ලබා ගන්නා අවයව බද්ධ කිරීමට සුදුසු රෝගීන් හඳුනා ගැනීමට ද සිදු විය.

මෙම කාර්ය භාර්යයේදී රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට අදාළ ශල්‍ය කර්මය සිදු කරන අවස්ථාව දක්වාම අදාළ වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී සුභාෂිණී පඬුවාවල මහත්මියගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම සියලු කර්යයන් සිදුවීමද ඉතා විශේෂතියි.

මෙම සියලු නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන මෙන්ම සම්බන්ධීකරණයන් යටතේ 29 වනදා රාත්‍රී 9.30ට මෙම ශල්‍ය කර්මය ආරම්භ කරන ලදී. මේ සඳහා අවයව බද්ධ කිරීමට පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතාගේ මුලිකත්වයෙන් වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා, වෛද්‍ය ප්‍රබෝධ සමරතුංග, වෛද්‍ය සමන්ත ශිල්පගේ,වෛද්‍ය ප්‍රසාද් හේරත් යන වෛද්‍ය කණ්ඩායම් සහභාගී වුහ. එතැන් සිට පැය 5කට ආසන්න කාලයක් (පසුදා අළුයම 2.30 පමණ වනතුරු) ශල්‍ය කර්මය සිදු කරන ලදී. මෙහිදී රෝගියාගේ අක්මාව, වකුගඩු යුගළ, අක්ෂි කාච යුගළ, පාදවල අස්ථි,දණහිස් අස්ථි පටක ශරීරයෙන් ඉවත් කරන ලදී.

ඒ අනුව ජීවන්තිගේ ශරීරයෙන් ලබා ගන්නා ලද අක්මාව රාගම ශික්ෂණ රෝහලේ එක් රෝගියෙකුට ද, වකුගඩු යුගළින් එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුටද අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුටත් ජනවාරි 30 වනදා උදෑසන බද්ධ කිරීම් සිදුකරනු ලැබිණි. ඒ වගේම අක්ෂි කාච ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයට ද පාද වල අස්ථි, දණහිස් අස්ථි පටක විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකයේ ද තැන්පත් කෙරිණි.

මෙසේ බද්ධ කිරීමට අවශ්‍ය අවයව අදාළ සිරුරෙන් ලබා ගැනීමෙන් අනතුරුව බද්ධ කළ යුතු රෝගියා වෙත හැකි ඉක්මනින් රැගෙන යා යුතුය. එම ඉන්ද්‍රියන් රෝගියාගේ ශරීරයෙන් ලබාගෙන විශේෂිත තරලක් තුළ බහා නැවතග අයිස් බහාලුමක තැන්පත් කරන ලදී. අදාළ රෝගියාගේ ශරීරයෙන් මුලින්ම ඉවත් කරන ලද්දේ අක්මාව, සහ වකුගඩු යුගළයි. ඉන් අනතුරුව සිදුකළ ශල්‍ය කර්ම මඟින් ඉතිරි අවයව කොටස් ඉවත් කරන ලදී.
කෙසේ වෙතත් මෙම ශල්‍ය කර්මය සඳහා ජාතික රෝහලේ වෛද්‍යවරු මෙන්ම, හෝමාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගී වුහ.අදාළ ශරීර ඉන්ද්‍රියයන් ලබාගත් රෝගී සිරුරේ බාහිර පෙනුමට කිසිදු හානියක් මෙම සැත්කම් මඟින් සිදු නොවීමද ඉතා විශේෂිතයි.

හෝමාගම මුලික රෝහලේ වසර 72ක ඉතිහාසය තුළ අවම පහසුකම් යටතේ ඉතාමත් සාර්ථක මට්ටමෙන් පළමුවරට මෙවන් සැත්කමක් සිදුකිරීම ඉතා විශේෂිතයි. එම කාර්ය භාර්යේදී හෝමාගම රෝහල් අධ්‍යක්ෂිකා සුභාෂීණි පඬුවාවල මහත්මියගේ පුර්ණ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ හෝමාගම රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුක පද්මරාජ ඉටුකළ මෙහෙය සැබැවින්ම ඇගයිය යුත්තක්. මීට අමතරව විශේෂඥ ශල්‍ය වෛද්‍ය දමින්ද රූපසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න, අධිකරණ වෛද්‍ය නිලධාරි වරුණා ජයසුරිය, හෙද කණ්ඩායම් ඇතුළු සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයම මෙහිදී සිහිපත් කළ යුතුය.

ඉහත ශල්‍ය කර්මයේ අනතුරුව මරණ පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහිදී අදාළ සැත්කම මඟින් ඉවත් කිරීමට තීරණය කරන ලද අවයව හැර ඉතිරි අභ්‍යන්තර අවයව ඉවත් කර නොමැති බවට මුලිකව සටහන් තබාගනු ලැබිය. එමෙන්ම තිළිණි ජීවන්ති අල්විස් මහත්මියගේ මරණයට හේතුව ජනවාරි මස 27 වනදා රාත්‍රියේදී සිදු වූ හදිසි මාර්ග අනතුර නිසා හිසට බරපතළ ලෙස හානි සිදුවීම බවද අධිකරණ වෛද්‍යවරිය විසින් එහි සඳහන් කරුණු ලැබීය.
සාමාන්‍යයෙන් ලොව පුරා මෙවැනි මොළය මිය ගිය රෝගීන් ගේ ශරීර ඉන්ද්‍රියන් වෙනත් රෝගීන්ට බද්ධ කිරීම් සැත්කම් සිදුකරනු ලැබේ. නමුත් ලංකාව වැනි රටවල තවමත් එවැනි’ තොරතුරු ජනතාව අතර එතරම් ප්‍රචලිත නොවීම නිසා ජීවිතයත් මරණයත් අතර ජීවත් වන රෝගීන් දහස් ගණනක් බේරා ගැනීමට නොහැකි වී යනු ලැබේ.

විශේෂයෙන් මොළය මියගිය රෝගියෙකුගේ ජිවීතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බව වෛද්‍යවරු නිගමනය කළත් ඒවා රෝගීන්ගේ භාරකරුවන්ට වටහා දීම අප වැනි රටවල වෛද්‍යවරුන්ට විශාල අභියෝගයක්.

හේතුව කෙතරම් වෛද්‍ය විද්‍යාත්මක හේතු වන කරුණු කරුණා පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ ද අදාළ රෝගියාගේ ඥාතීන්ට එය තම බුද්ධිය සමඟ නොව හැඟීම් සමඟ වන ගනුදෙනුවක් නිසාවෙනි. නමුත් මෙම සිදුවීමට මුහුණ දුන් තිළිණි ජීවන්ති අල්විස් මහත්මියගේ පියා ඇතුළු පවුලේ ඥාතීන් ලබාගත් තීරණය කාටත් පරමාදර්ශයකි.

එවැනි බුද්ධිමත් හා නිවැරදි තීරණ හරහා ද දැඩි සත්කාර ඒකකවල, රෝහල් තුළ විවිධ අවයව ඉන්ද්‍රියයන් ලබා ගැනීමට නොහැකි වීමෙන් දුකින් පීඩා විඳින බොහේ දෙනෙකුට ඉදිරියේදී වඩා සුබවාදී අනාගතයකට බලාපොරොත්තු ඇතිකර ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති. ඒ නිසාවෙන්ම පසුගියදා හෝමාගම මුලික රෝහලේ සිදු කරන ලද මෙම අවයව බද්ධ කිරීමේ ශල්‍ය කර්මය වෛද්‍ය ඉතිහාසය තුළ නොමැකෙන මත සටහනක් බවට පත්වේවි.

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය ඇසුරෙනි.

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments